Style Switcher

Choose Colour style

For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
සැමට සෙත සලසන විභීෂණ දේව ශාන්තිය ගැන ඔබ දන්නවාද?

සැමට සෙත සලසන විභීෂණ දේව ශාන්තිය ගැන ඔබ දන්නවාද?

කැලණි පුරවරයත් කැලණි වෙහෙරත් සුරකිමින් වැඩවාසය කරන්නාවූ විභීෂණ දෙවියෝa මෙරට මුල් පදිංචිකාර ගෝත්‍රයක්‌ ලෙස සැළකෙන යක්‍ෂ ගෝත්‍රයේ ඉපිද දේවාත්මයට පත් ජන නායකයෙකි. නිල්වන් සිරුරක්‌ ඇති විභීෂණ දෙවිඳුන්ට රතු පැහැති දැසක්‌ද තද රතුවන් පුළුල් දෙතොලක්‌ද මුඛයෙහි දෙකෙලවරින් පිටතට විහිදුනා වූ දළ යුග්මයක්‌ද ගණරෝම යන්ගෙන් ගැවසී ගත්තාවූ පුළුල් ලය මඬලක්‌ හා ශක්‌තිමත් බාහු යුග්මයක්‌ද හිමිය. උත්තුංග රූපකයකින් හෙබි උන්වහන්සේ ත්‍රිශූලයක්‌ සහ තෝමරයක්‌ අත දරමින් තුරඟවාහනාරූඩව වැඩසිටී. ලංකා පුරවරයෙහි රාමා රාවණා අතර පැවති යුද ගැටුම් තීරණාත්මක මොහොතකට එළඹ තිබූ අවස්‌ථාවක රාම කුමරු රාවනා රජුගේ බාලසොහොයුරු වූ විභීෂණයන් සමඟ රහස්‌ සම්මුතියක්‌ ඇතිකරගෙන තිබූ බැව් කියෑවෙන අතර එකී සම්මුතියට අනුව විභීෂණයෝ සිය සෙහොයුරු රාවණාට එරෙහිව යුද වදින්නට පටන්ගෙන ඇත. ලංකා පුරවරයෙහි සියලු රහස්‌ හෙළිකරමින්a විභීෂණ දෙවියෝ රාමාට පක්‍ෂව කටයුතු කළෙන් අසමසම රණ ශූරයකු වූ රාවණා රජුගේ සේනාව පසුබසින්නට වූයෙන් අවසානයේ රාවණා රජු නසා දමා ලංකාපුරය අත්පත් කරගත් රාමකුමරු විභීෂණයන් ලංකාධීෂ්වරයා ලෙස ඔටුනු පැළැන්දවූහ.
ලංකාපුරයේ අධිපති බවට පත් විභීෂණයෝ කැලණිය තම රාජධානිය කොටගෙන ජීවත් වූ බවත් ඉනික්‌බිතිව මිය පරලොව ගොස්‌ දේවත්වයට පත්ව ඇති බවත් ජනතා විශ්වාසයයි. එලෙස දේවත්වයට පත් විභීෂණ දෙවිඳුන් ඇදහීම ලංකාවේ කුමන කාලයක සිට ආරම්භ වූවාද යන්න නිශ්චිතවම සඳහන් නොවූවද කෝට්‌ටේ යුගය වන විට විභීෂණ ඇදහීම ශ්‍රී ලාංකීය ජනතාව අතර බෙහෙවින් ප්‍රචලිතව තිබූ බව කෝaට්‌ටේ බලකොටුවෙහි පවුර මුදුනෙහි නිශ්ශංක අලකේෂ්වරයාණන් විසින් තනනු ලැබු විභීෂණ දෙවොලක්‌ තිබීමෙන් පැහැදිලි වේ.
දේවතා මණ්‌ඩලයේ දෙවිවරුන් අතර අප ලක්‌බිමේ සැබෑ උරුමක්‌කාරයකු ලෙස හැඳින්විය හැකි විභීෂණ දෙවිඳු කැලණිය පුරවරයටත් කැලණි විහාරයේ විභීෂණ දෙවොලටත් අධිගෘහිතව මහා බලසම්පන්නව යහතින් වැඩවාසය කරමින් උන්වහන්සේගේ පිහිට පතා එන්නන්ගේ දුක්‌ ගැහැටවලට පිළිසරණ වන්නාවූ අති උතුම් දේවාත්මයක්‌ බැවින් දිනපතා සිදු කරන ආගමික වතාවත්වලින් අනතුරුව පහත දැක්‌වෙන ගාථාවෙන් උන්වහන්සේට පිං අනුමෝදන්කර උන්වහන්සේගේ ගුණ කැටිවූ විභීෂණ දේවශාන්තිය ගායනා කිරීමෙන් ඔබටද ඔබවෙත පැමිණෙන්නාවු සියලු දුක්‌කරදර බාධා ජයගැනීමට මග සැලසෙනු ඇත.
පිංදෙන ගාථාව
ලංකාය පශ්චිම දිශාය ප්‍රධාන භූතෝ
දෙවිද්ධි තුංග බලවික්‍රම හ+රි තේජෝ
අමිභෙහි සංචිත මිදං කුසලං පහට්‌යෝ
පුඤඤානු මෝදක විභීෂණ දේවරාජා

විභීෂණ දේව ශාන්තිය
රාම කුමාර වරෝ අවතාරං
ලක්‍ෂ්මන ජානකි රාජිත ධාරඃ
කාලික පූජක තුෂ්ටි උදාරම්
ශාන්ති දදාතු විභීෂණ දේවඃ

දේව මනුෂ්‍ය නමස්‌තුත පාදඃ
නීල ශරීරෝ දසමුඛ භාතෘඃ
රාක්‍ෂ නරස්‍ය වරො මහා ප්‍රාෙඥ
සෞඛ්‍ය දදාතු විභීෂණ දේවඃ

රාක්‍ෂම ගෝත්‍රජ කෙෂ සුනීලො
රක්‍ෂ කුලම්බර පුර්ණ ශෂීමන්
තීක්‍ෂණ ඥනවරො සත් කීර්තිං
රක්‍ෂ තුරානං විභීෂණ දේවඃ

ආයත පීනකන හස්‌ත දෙපාදොa
කණ්‌ඨ ප්‍රදෙශෂ ලිෂ්ඨික ශංඛං
ලද්ධ නිබන්දු රක්‍ෂක ලංකා
ශාන්ති දදාතු විභීෂණ දේවඃ

දක්‍ෂ විචක්‌ෂණ බුද්ධි උදාරෝ
චින්තන ධාරණ සත්‍ය ගුණාංගඃ
උත්තම චන්දනමාත නිබද්ධා
ශාන්ති දදාතු විභීෂණ දේවඃ

නාග මනුෂ්‍ය සුරා සුර රක්‍ෂා
තෙජ සමායුෂ කීර්තිකදම්භ
ඥන විශාරද බුද්ධි විශේෂඃ
රක්‍ෂතු ආතුර විභීෂණ දේවඃ

ශ්‍රී ඝන ධර්ම තථාගත පුත්‍රඃ
පුෂ්ප සුගන්ධන මාල ප්‍රදීපඃ
හායන දර්ෂි විචක්‍ෂණ බුද්ධිං
ශාන්ති දදාතු විභීෂණ දේවඃ
leave your comment

Your email address will not be published. Required fields are marked *